ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටු විමර්ශන වාර්තාව හෙට (14දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.
අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, පාඨලී චම්පික රණවක හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල කමිටුවක් පෙට්‍රල් අර්බුදය පිළිබඳ සොයාබැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.