මේ වන විට පැන නැගී ඇති පෙට්‍රල් ගැටලුවට ඉක්මනින් විසඳුමක් ලබාගැනීම සඳහා අමාත්‍යවරුන් සිවු දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.
ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
අද (07දා) පැවැති කැබිනට් හමුවේදී මෙම කමිටුව පත්කර තිබේ.