පූජාපිටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ එළඹෙන තුන්වැනි සඳුදා සිට සිගරට් විකිණීම නැවැත්වීමට තීරණය කර තිබේ .
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර මඩලූස්ස මහතා ප්‍රකාශ කළේ පූජාපිටිය ප්‍රාදේශීය සභාවට වසරකට වරිපනම් වශයෙන් ලැබෙන්නේ රුපියල් ලක්ෂ 12 ක පමණ මුදලක් වුවද, සිගරට් සඳහා වසරකට රුපියල් ලක්ෂ 67 ක් වැය කරන බවයි .
නිවසේ ආර්ථිකයට බාධා කරන මෙන්ම සුවකළ නොහැකි රෝගවලටද හේතුකාරක වන සිගරට් අලෙවිය නැවැත්වීමට නගරයේ ව්‍යාපාරිකයන් සමග කළ සාකච්ඡාවකදී ඔවුන් සිගරට් අලෙවිය නතර කිරීමේ ස්වයං තීරණයකට එළඹි බවද හෙතෙම සඳහන් කළේය.
මොහොමඩ් ආසික්