අපවත්වී වදාළ රත්මලාන මල්ලිකාරාම විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත ජූජ්‍ය වැලිගම ඥානරතන නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය බදාදා (22දා) සිදු කිරීමට නියමිතය. උන්වහන්සේගේ ශ්‍රී දේහයට ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19දා) පස්වරුවේ අවසන් ගෞරවය දැක්වීය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති රත්මලාන මල්ලිකාරාම විහාරස්ථානය වෙත ඊයේ (19දා) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියහ.
ඡයාරූපය - චන්දන පෙරේරා