කිරින්ද, පුහුවැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ශානක ජනප්‍රිය මහතා සහ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක දුෂාන් ප්‍රසන්න කාරියවසම් මහතා අද (30දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී, එළඹෙන දකුණු පළාත් සභා මැතිවරණයේදී සන්ධානයේ ජය තහවුරු කිරීමට කැපවන බව පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්වූහ.
නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර, දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.