පුවත්පත් මණ්ඩලය යළි ක්‍රියාත්මක වීම පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය සහ ජාත්‍යන්තර පුවත්පත් සම්මේලනය .ශ්‍රී ලංකාවේ මාධ්‍ය අයිතිවාසිකම් ආයතනය දැඩිවිරෝධය පළකරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජූලි දෙවැනි දා පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් පත් කර එය යළි පණ ගැන්වු අතර ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව නීති විරෝධී බවඳ, ඊට සාමාජිකයන් පත් කිරීමේ දී මාධ්‍යවේදීන්ගෙන් උපදෙස් ලබා ගැනීමේ මූලික ආචාරශීලී බව වත් පෙන්වා නැතැයි ද ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පවසයි. 1973 දී පිහිටවූ මෙම මණ්ඩලයෙන් මාධ්‍යවේදීන් සිර ගෙට යැවීම ඇතුළු දැඬුවම් කිරීමේ පුළුල් බලතල රැසක්ද හිමිවේ