පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් සරත් කුමාර මහතා එම තනතුරින් ඉවත් කර ඇතැයි කැෆේ සංවිධානය පවසයි. ඒ මහතා තනතුරින් ඉවත් කිරීම හා විද්‍යුත් හැඳුණුම්පත් ටෙන්ඩරය අතර සම්බන්ධයක් පවතින්නේදැයි කැෆේ සංවිධානය අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන්ද විමසා ඇත.
ඒ පිළිබඳව අදහස් දක්වා ඇති එම අමාත්‍යාංශයේ ලේකම් ඩී.ස්වර්ණපාල පවසා ඇත්තේ කොමසාරිස් ජෙනරාල් සරත් කුමාර මහතාගේ ඉවත් කිරීම හා ටෙන්ඩර් කටයුතු අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
අධ්යක්ෂ ජනරාල්වරාගේ එම තනතුරේ රාජකාරී නිසි වගකීමකින් යුතුව කළ බවට බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව සිටි පුද්ගලයෙකි.