පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවලට ඇතුළත් කොට මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කරන මෙන් කළ ඉල්ලීම දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් යාපනය දිස්ත්‍රික්කයට නාමයෝජනා ලබාදීම සදහා පසුගිය 10දා ඇපමුදල් තැන්පත් කොට ඇති බවට උදයන් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ නඩේෂපිල්ලෙයි විද්‍යාදරන් කියා සිටියේය .
නඩේෂපිල්ලෙයි විද්යාදරන්ගෙන් කියා සිටියේ කල්වේලා නොමැතිකම නිසා මෙවර ස්වේච්ඡා කණ්ඩායමක් වශයෙන් යාපනය දිස්තික්කයට නාමයෝජනා ලබාදීමට තීරණය කළ බවයි.
ස්වාධීන පක්ෂයකින් ජනතාව ඉදිරියට පැමිණෙන මේ පිරිසට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තුළින් විශාල පිළිගැනීමක් ලැබෙනු ඇතැයිද ඔහු පැවසීය. මේ අතර මෙවර දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි උතුරු පළාත් සභාවේ ආනන්දි සසිහරන් මන්ත්‍රීවරියට එම අවස්ථාව නොලැබුණු බවටත් තම දේශපාලන සටනට ඇගේ සහායද ලබාගැනීමට ක්‍රියාකරගෙන යන බවත්, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යොදාගෙන පිහිටුවණු ලබන නව දේශපාලන පක්ෂය හරහා උතුරු නැගෙනහිර මුල් බැසගත් දේශපාලනයට නව අභියෝගයක් එල්ල කරන බවටද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.