වැල්ලවත්ත, හාමස්ලේන් ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනිතබාගෙන මියගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය කියයි. වයස අවුරුදු 46 ක්වූ කුලේන්ද්‍රන් නමැති පුද්ගලයේක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයා ඊයේ (24දා) රාත්‍රීයේදී බිරිද සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර අද දින බිරිද සේවය කරන නිවස අසළට ගොස් සියදිවි හානිකරගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.