(UPDATE) පුද්ගලයන් 478 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ ග්‍රීසියේ මගී ප්‍රවාහන යාත්‍රාවක් ගින්නකට හසුවී ඇති බවත්, හෙලිකොප්ටර් හා නෞකා යොදා ගනිමින් ගින්න නිමා දැමීමේ දැවැන්ත මෙහෙයුමක් ඊයේ සිට සිදුවන බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ග්‍රීසියේ පැට්රාස් සිට ඉතාලියේ ඇන්කෝනා දක්වා ගමන් කරමින් තිබූ නොර්මන් ඇන්ටාක්ටික් නමැති මගී යාත්‍රාව කොර්ෆු වෙරළේ සිට නාවුක සැතපුම් 40ක් දුරින් පවතින බවද කියයි.
අනතුරින් එක් ජීවිත හානියක් හා තුවාලකරුවෙකු පිළිබඳ වාර්තා වන අතර, මේ දක්වා පුද්ගලයන් 200 දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකි වූ බව ග්‍රීක හා ඉතාලි බලධාරීහු පවසති.