අධික වර්ෂාව නිසා දිස්ත්‍රික්ක 07 ක පවුල් 5625 කට අයත් පුද්ගලයන් 35,000 කට වැඩි පිරිසක් ඊයේ (03දා) රාත්‍රී 10.00 පමණ වන විට දැඩි පීඩාවට පත්ව සිටිති.
ඉන් පුද්ගලයන් 3000 දෙනෙකු අවතැන්ව ආරක්ෂිත ස්ථාන 14 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි
ගතවූ පැය 48 ක කාලය තුළදී පුද්ගල මරණ 23 ක් සිදුව තිබෙන අතර, වැඩිම පිරිසක් මියගොස් තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙනි.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශයෙන් මරණ 07 ක් වාර්තා වන අතර, බුලත්සිංහල ප්‍රදේශයෙන් මරණ 03ක්, වැලිපැන්න ප්‍රදේශයෙන් මරණ 03ක් හා මීගහතැන්න පොලිස් වසම තුළ එක් මරණයකුත් වාර්තා වෙයි.
මීට අමතරව තලංගම ප්‍රදේශයෙන් මරණ 02, කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් මරණ එකකුත්, බලංගොඩ ප්‍රදේශයෙන් මරණ දෙකකුත් හා ගිරිඋල්ල, හිනිදුම, අකුරැස්ස, ඇහැලියගොඩ යන ප්‍රදේශවලින් එක් මරණය බැගින් වාර්තා වෙයි.
ඇදහැළුණු වර්ෂා තත්ත්වය නිසා නිවාස 373 කට හානි සිදුව තිබෙන අතර, මෙම ප්‍රමාණයෙන් නිවාස 14 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.