ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 14ක් බවත්, රටේ සෑම වැසියන් 13 දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
2015 මූල්‍ය වර්ෂයේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගත වෙමින් සහ කාර්යසාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල අත්කර ගත් රාජ්‍ය ආයතන සඳහා සම්මාන ප්‍රදානෝත්වයට අද (13දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේ එක් කාලයක විශිෂ්ට රාජ්‍ය සේවයක් පැවැතියද පසුව දේශපාලඥයන් විසින් එහි කොන්ද කඩා දැමූ බවද ඔහු ප්‍රකාශ කළේය.
''දැනට අවුරුදු 35කට, 40කට එහා කාලය ගත්විට ඉතා විශිෂ්ට රාජ්‍ය සේවාවක් තිබුණා. පසුකාලීනව අපේ රාජ්‍ය සේවකයන්ගේ පිට කොන්ද දේශපාලඥයන් විසින් කඩලා දැම්මා. අද රාජ්‍ය සේවයේ සෑමදෙනාටම පිටකොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න හැකි පසුබිමක් රජය විසින් හදලා තිබෙනවා.
වඩා යහපත් අංශ වගේම අයහපත් අංශත් තිබෙනවා. මේ රටේ වංචාව, දූෂණය සම්බන්ධයෙන් කීර්තිමත් ආයතන කිහිපයක් තිබෙනවා. මේ කාලය තුළ වැරැදි කරන්න දූෂණයට දැන් බයක් ඇතිවී තිබෙනවා. එදා ඒ බය නැතිව ගිහින් තිබුණේ” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.