මහමඟ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳිමාලය කඩාගැනීම සඳහා ඇගේ සැමියා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ එකම පවුලේ අයියා මලෝ දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (26දා)මරණ දඬුවම නියම කළේය.
මීට වසර පහළොවකට පෙර රාජගිරිය, ඔබේසේකරපුරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට විත්තිකරුවන් තුළ තිබූ චේතනාව හෙළිවන බව සිය තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරන දිනයක වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුවන් දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ වනතුරු ඔවුන් දෙදෙනා බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළේය.