දවුලගල, නාගොඩ හා මුලතිව්හි කාන්තාවන් තිදෙනෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (23දා) මෙම ඝාතනයන් සිදුව ඇත.
දවුලගල - සැමියා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මරණකාරිය පිළිමතලාව ප්රදේශයේ පදිංචි 37 හැවැරිදි ප්රීතිකා යමුණා නම් කාන්තාවකි.
නාගොඩ - නාගොඩදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. මරණකාරිය අවුරුදු 62ක් වන දයාවතී ඒකකායක නම් වෙයි. සැකකරුවන් හඳුනාගෙන නොමැත.
මුලතිව්- මුලතිව්හි ලඳු කැලෑවක තිබියදී ගෙල කපා දැමූ මෘත ශරීරයක් සොයාගෙන ඇත. මරණකරු අවුරුදු 28ක් වන වරදරාජන් සදානීෂන් යන අයෙකි. මුලතිව් පොලීසිය පරීක්ෂණ පවත්වයි.