ඇල්පිටිය
ඇල්පිටිය, උඩුවිල ප්‍රදේශයේ නිවසකදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදි බරපතල තත්වයෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (29දා) මෙම ඝාතනය සිදුව ඇති අතර තල්ගහදූවේ පදිංචි 42 හැවැරදි ටී. ධර්මසිරි යන පුද්ගලයෙකු මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ. පැරණි ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බව පොලිසිය කල විමර්ශන වලදි අනාවරණය වි ඇති බවත් ඝාතනය සිදුකරන සැකකරුවකුද අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබේ.
හබරාදූව
හබරාදුව, තල්පේ ප්‍රදේශයේදි පුද්ගලයින් දෙදෙනෙකුට පිහියකින් ඇන බරපතල තත්වයේ කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරිමේදි එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව හබරාදුව පොලීසිය කියයි.
ඊයේ (29දා) මෙම ඝාතනය සිදුව ඇති අතර අවුරුදු 39 ක් වන දිමුතු ශ්‍රිමාල් හෙට්ටිආරච්චි යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවල ලත් වයස අවුරුදු 31 වන අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුවි ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පෑලියගොඩ
පෑලියගොඩ බුලුගහ හංදියේ සුපිරි වෙළදසැලක් අසළ ඇතිවූ බහින් බස් විමක් දුරදිගයමෙන් සිදු වූ පහරදීමකින් පසු පහරකෑමට ලක්වූ පුද්ගලයා සිය යහළුවන් ගෙන්වා පහරදුන් පුද්ගලයාට කළ පහරදීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අවුරුදු 38 ක්වු හිඹුටුවැල්ගොඩ, කැළණිය ප්‍රදේශයේ පදිංචි රෝෂන් දිලිප් ජයරත්න අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයම් ආරම්භ කර තිබෙන බව පොලීසිය කියයි. ඊයේ (29දා) මෙම ඝාතනය සිදුව තිබේ.