තම දරුවා පැහැරගෙන ගොස් ඇතැයි පවසමින් මවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබේ.
ඇය පොලිස් හා කාන්තා කටයුතු කාර්යාංශයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තම දරුවා සැමියා විසින් බලෙන් රැගෙන ගොස් කිසියම් පිරිසක් හා සිරකරගෙන තබා ගනිමින් මාධ්‍ය හරහා සිය දරුවා භාවිත කරමින් දරුවා මානසිකව හා කායිකව පීඩාවට ලක් කර ඇති බවයි.
මේ පිළිබඳව කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කර සැකකාර පියා අත්අඩංගුවට ගන්නා ලෙසයි.
මෙම දරුවා පසුගිය දෙසැම්බර් මස 26දා සිය සැමියා විසින් රැගෙන ගිය බවත් පසුව ඔහු 30දා රූපවාහිනියේ දුටුබවත් මව කළ පමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.
රජයේ රූපවාහිනී ආයතනයක විකාශය වූ ප්‍රවෘත්තියක් අතරතුරදී මෙම දරුවා පවසා ඇත්තේ මෛත්‍රීපාල ඇමතිතුමනි මගේ මව ගෙනත් දෙන්න මගේ මව සිරකරන්න එපා යනුවෙනි.
මෙි පිළිබඳව කරුණු දක්වන පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ නිතිඥයින් පවසන්නේ දේශපාලන අරමුණක් මත කළ දෙයක් බවයි.