සිය පුත්රයා විසින් පදවන ලද කැබ් රථයකට යටවී බරපතළ තුවාල ලැබූ මවක කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දැදිගම පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දැදිගම, වේරගල, පහළ මායින්නොළුව පදිංචිව සිටි කේ.එම්. රංජනී (අවු.57) නමැති එක්දරු මවකි.
මරණකාරියගේ පුත්රයා අධික වේගයෙන් පැමිණ එක්වරම කැබ් රථය නිවසේ ප්රධාන ගේටුට්ව දෙසට හැරවීමේදී එය ආසන්නයේ සිටි අදාළ කාන්තාව කැබ් රථයට යටවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
කැබ් රථය පැදවූ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට වලංගු රියදුරු බලපත්රයක් නොමැති බව හෙළිව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දැඩිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.