පුත්තලම ප්රාදේශීය සභාවේ විපක්ෂනායක එච්.එම්. නිමල් ඒකනායක මහතා (එජාප) අද (23දා) දහවල් මදුරන්කුලියේ පිහිටි ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.
මහජන සේවා සිදුකිරීමේදී වත්මන් සභාපතිවරයා විපක්ෂ මන්ත්රීවරුන් කොන්කරන අතර, එම සභාවේ කාර්යමණ්ඩලයේ ඇතැම් අයද විශාල වශයෙන් ගසාකෑම් සිදු කරන බවත්, සමහරුන් බදු ගෙවන්නන්ගෙන් අවුරැද්දකට දෙවරක් බදු මුදල් අයකරමින් ගසාකෑම් කරන බවත් පවසමින් ඒ මහතා මෙම විරෝධතාව ඇරඹීය.