කටුනායක හා කුරණ දුම්රිය ස්ථානයන් අතර මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 11දා පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනෙහි තාවකාලික සංශෝධනයක් සිදු කරන බව ශ්රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි. ඒ අනුව දුම්රියන් 03ක් අවලංගුවන අතර එක් දුම්රියක වේලාව වෙනස් වේ.
පෙ.ව 4.00 කොළඹ කොටුවෙ ආරම්භ ව පුත්තලම දක්වා ගමන් ගන්නා දුම්රිය ද, පෙ.ව 9.50ට නුර්නගර් වෙතින් ආරම්භව කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රිය හා පෙ.ව 3.50ට හලාවත දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී මරදාන දක්වා ගමන් ගන්නා දුම්රිය ද අවලංගු කොට ඇත. මීට අමතර ව පෙ.ව 04.50ට හලාවත දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී පෙ.ව 7.37ට මරදාන දක්වා ගමන් ගන්නා දුම්රිය පෙ.ව 5.35ට හලාවතින් ගමන් ආරම්භ කෙරේ.