හෙද නිලධාරීන් 25 දෙනෙකුට හිමිව තිබූ ස්ථාන මාරුවීම් ලබානොදීමට එරෙහිව පුත්තලම රෝහල තුළ පසුගිය 22 වැනිදා උදේ 7.00 සිට ක්‍රියාත්මක කළ හෙද වැඩවර්ජනය අද (24දා) උදේ 8.00 ට නවතා දැමූ බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
සති දෙකක් තුළ ස්ථාන මාරුවීම් ලබාදෙන බවට සෞඛ්‍ය බලධාරීන් පොරොන්දු වීම නිසා වැඩවර්ජනය අවසන් කළ බවත්, මේ අනුව අද දහවල් වනවිට සියලුම හෙද නිලධාරීන් සුපුරුදු පරිදි රාජකාරි කටයුතුවලට වාර්තා කරන බවත් එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.