පළාත් පළාන ආයතන වල සීමවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පළාත් පාලන ආයතන 06ක ඡන්ද දායකයින් පිරිසක් විසින් ගොනු කළ රිට් පෙත්සම නිශ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් අතරමැදි පෙත්සම් හයක් ඊයේ (16දා) අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරිණි.
පළාත් පාලන ආයතන 06ක ඡන්ද දායකයින් පිරිසක් විසින් ගොනු කළ මෙම රිට් පෙත්සම සළකා බැලීම මෙන්ම එම පෙත්සමට මැදිහත්වීමට තමන්ටද අවසර දෙන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා සහ නීතීඥවරියක් විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් වලට අවසර දෙන්නේද? යන්න පිළිබ`දවද ඊයේ (16දා) සළකා බැලූ අවස්ථාවේදී මෙලෙස අතරමැදි පෙත්සම් හයක් ඉදිරිපත් කෙරිණි.
එලෙස අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරන ලද්දේ ෆැපරල් සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, කැෆේ සංවිධානය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා සහ නීතීඥවරියක් විසිනි.