පළාත් පාලන මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක් ජනවාරි මස 23 දාට පසුව ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ. ඒ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (09දා) පැවැති සාකච්ඡාවකදීය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ප්රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයන් හා නියෝජිතයන් එක්ව සිටි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.