ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් තෝරාගැනීම සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට (17දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
මධ්‍යම කාරක සභාවේදී ගන්නා තීන්දු තීරණ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට මේ මස 20 වැනි දින පක්ෂයේ විධායක සභාවක් රැස්වෙන බවද හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට නියමිත බවත්, මීට අමතරව තවත් පක්ෂ කිහිපයක් සන්ධානයට එකතු වීමට ඉල්ලීමක් කර තිබෙන බවද භාණ්ඩාගාරිකවරයා සඳහන් කළේය.
එම ඉල්ලීම පිළිබඳව හෙට (17දා) රැස්වෙන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බවත්, අවසන්වරට පැවැති පළාත් පාලන මැතිවරණවලදී මන්ත්‍රීධුර හිමිකරගත් බොහෝදෙනෙකුට මෙවර අපේක්ෂකත්වය හිමි වන බවද ඒ මහතා පවසා සිටියේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානය වශයෙන් තරග කරන නිසා වෙනත් සන්ධාන ගොඩනැගීමට ආධාර අනුබල නොදෙන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට මේ වනවිට දන්වා තිබෙන බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.