පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යනවානම් කඩිනමින් මැතිවරණය පවත්වාගැනීම සඳහා ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
අවශ්‍ය වුවහොත් ඡන්දය කඩිනමින් පවත්වාගැනීම සඳහා අධිකරණයට වුව යාමට සූදානම් බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදය නිසා ඡන්දය කල් දැමීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසාසිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී මැතිවරණයට ඉදිරිපත් වුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායමට හිමිවන ඡන්ද ප්‍රමාණය පිළිබඳ පැහැදිලිවන බවත්, මෙම අර්බුදය වසාගැනීම සඳහා ඡන්දය කල් දැමීමට උත්සාහ කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.