දිස්ත්රික්ක 18ක ඇති වී තිබෙනා අධික වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ප්රමාණය දසලක්ෂ හතළිස් එක්දහස් හයසීයක් දක්වා ඉහළගොස් තිබේ.
වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ මඩකලපුව දිස්ත්රික්කයේ වන අතර, එම දිස්ත්රික්කයේ පවුල් 66,752කට අයත් පුද්ගලයන් 324,329 ක් පීඩාවට පත්ව ඇත. නුවරඔළුව ප්රදේශයේ සිදුවූ ගිනිගැනීම හේතුවෙන් නිවාස 5කට හානි සිදුව තිබෙන අතර, මේ නිසා එම පවුල් 05කට අයත් පුද්ගලයින් 28ක් ආරක්ෂිත කඳවුරක රඳවා සිටියි.