ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් කර, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා එම ධුරය වෙනුවෙන් පත්කර ඇති බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
නමුත්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා තවදුරටත් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම් ධුරයේ කටයුතු කරනු ඇති බවද පැවසෙයි.
වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගෙන් හිස් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට සුධර්මා කරුණාරත්න මහත්මිය පත්කර ඇති බවද වාර්තා වෙයි.