වැල්ලවායේ අබේආර ප්‍රදේශයේ වැවක් අසල පැලක තිබී පිළිස්සුණු කාන්තා සහ පිරිමි මළසිරරු දෙකක් අද (14දා) උදෑසන සොයාගත් බව ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම සොයාගත් සිරුරු දෙක බරපතළ ලෙස කැපුම් තුවාල සහිතව පිළිස්සී ඇති නිසා හඳුනාගත නොහැකි තත්ත්වයක ඇති බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පැවසීය.