පිළියන්දල නිවසක තිබී ප්රබල දේශපාලඥයෙකුගේ පුතෙකුගේ බව කියන ලැම්බෝගිනි මෝටර් රථයක් සොයාගත් බව පිළියන්දල පොලීසිය කියයි.
එම නිවසේ හිමිකරු බැංකුවක විශ්රාම ගිය සේවකයෙක් වන අතර ඔහුගේ පුතා හමුදාවට වාහන සපයන අයෙකි. ලැම්බෝගිනිය එම පුතාගේ යාළුවෙකුගේ බව කියයි.
එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙකුට ලැබුණ ඔත්තුවක් මත ලැම්බෝගිනිය සොයාගෙන තිබේ.
අදාළ රථය සම්බන්ධයෙන් ලියකියවිලි අද (18දා) පොලීසියට ඉදිරිපත් කර තිබේත කෙසේ වෙතත් එම ලියකිලිවිලි පිළිගත නොහැකි බව පොලීසිය සඳහන් කර ඇතැයිද දැනගන්නට තිබේ.
වාහන අද දිනයේදී පොලිස් භාරයට ගැනිමට ඉඩ ඇතැයිද දැනගන්නට ලැබේ.
දයාරත්න පතිරණ