ජනාධිපතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් වන අද (05දා) දිනයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම පාර්ශ්වවලින් දේශපාලන පිල් මාරු කිහිපයක් සිදුවන බව වාර්තා වේ.
දෙපාර්ශ්වයේම ප්‍රබල දේශපාලඥයන් පිරිසක් මෙසේ පක්ෂ මාරු කිරීමට සූදානමින් සිටින අතර, ඊයේ (04දා) දිනය වනවිට ඊට අදාළ අවසන් සාකච්ඡාවට ඔවුන් සම්බන්ධ වී ඇත.
මේ අතර මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, තමන් 08 වැනිදායින් පසු විපක්ෂයේ වාඩිවන බවයි. මහින්ද රාජපක්ෂ මහතා උතුම් මනුස්සයෙකු බවත්, සියලු දේ විනාශ කළේ පවුලේ අය බවත්, තමා 08 වැනිදායින් පසු විරුද්ධ පක්ෂයේ වාඩි වන බවත් ඡන්ද පොළට ගොස් කැමැති කෙනෙකුට දෙන ලෙසත් ඉල්ලා සිටි බව ලංකාදීප ෙවබ් අඩවිය ඊෙය් (04 දා) වාර්තා කර සිටිෙය්ය.
ෙම් අතර පසුගිය දා ෙපාදු අෙප්ක්ෂකයාට සහය පළකල හිටපු නිෙයා්ඡ්ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ සිටින තුන්වැනියා පොදුඅපේක්ෂකයාට සහය දීමට නියමිත බවය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල, කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක නියෝජනය කරන ප්‍රබලයන් පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබෙන බවද වාර්තා වේ.
විශේෂයෙන් ඉකුත් සමයේදී කලකිරීමෙන් හා පක්ෂ නායකත්වය ගත් තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදයෙන් කතාකළ, ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ මෙම දේශපාලඥයන් පිරිස ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සක්‍රියව දායකත්වය ලබාදී තිබුණේ නැත.
එසේම ඉකුත් සමයේ පැතිරී ගිය කටකතාවලින්ද මොවුන්ගේ නම් කියවිනි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලඥයන් කිහිපදෙනෙක්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට අද දිනයේදී කටයුතු කරනු ඇතැයි දැනගන්නට ලැබේ.
මෙම පිරිස බස්නාහිර, දකුණ, වයඹ, උතුරු මැද යන පළාත් නියෝජනය කරන අයවන අතර, මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ තනතුරු හොබවති. විශේෂයෙන් පක්ෂයේ වෙනස්කම් සිදුකළ යුතු බවට හඬක් ගෙන ගිය මන්ත්‍රීවරුන්ද මේ අතර සිටින බව වාර්තා වේ.
මේ අතර ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන්ද පක්ෂ මාරුවීමක් සිදුවන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.