"මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමගින්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ වැඩපිළිවෙලට අභියෝග කළා, එදා ඒ අභියෝගය ජයග්‍රහණය කළා. අද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ඉදගෙන යහපාලනය වෙනුවෙන් සටන් කරනවා. අපේම පිරිසක් එළියේ ඉදලත් සටන් කරනවා. අපි දන්නවා මේ සටන අපිට එදා වගේම මෙදාත් ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙනවා. එළියට ගිහින් අරගල කරනවාට වඩා ඇතුලේ ඉදගෙන අරගලයක් කරන මම තීන්දු කළා යැයි" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළාවැව ආසන සංවිධායක කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (12දා) ඒ මහතාගේ නිවසේ පැවති ජන හමුවක් අමතමින්ය.
"ජනවාරී මාසේ 08 වැනිදා අපි ලබපු ජයග්‍රහණයත් සමගින් ජනාධිපතිකම වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිමිකර ගත්තා. ඒ වගේම ජාතික ආණ්ඩු සංකල්පයක් යටතේ අපි ඉතා කෙටි කාළයක් තුළ රට තුළ යහපාලනය ඇති කළා. ඒ ගමන තවත් ශක්තිමත් කරන්න මැතිවරණයක් කැඳ වූ අවස්ථාවේ මේ රටේ හිටපු ජනාධිපතිවරයාව නැවත දේශපාලනයට ගෙන ඒමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂ වල ඇතැම් සාමාජිකයින් කටයුතු කළා. ඒ නිසා පහුගිය කාළයේ දේශපාලනයේ බොහෝ නොසන්සුන්කාරී තත්වයන් ඇති වුණා. ඇතැමුන්ට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා හිතා ගන්නත් බැරි වුණා.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එදා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණ දවසේ වගේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත් වුණාට පස්සෙත් කියපු දෙයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙන්න දෙන්න බෑ කියන එක. අපි ගන්නා තීන්දුවක් හේතුවෙන් පක්ෂයේ කොටසක් වෙනත් පක්ෂයක් පිහිටුවලා පක්ෂය දෙකඩ වුණොත් පක්ෂය දෙකඩ කළ පුද්ගලයෝ බවට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු අපි කණ්ඩායම පත් වන්නට ඉඩ තිබුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙනවා නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට උණ්ඩයක දුරක් තියෙන්නේ කියලා ජනාධිපතිතුමාම කියනවා. ඒ උණ්ඩයක දුරක් තිබුණත් එතුමා පක්ෂය වෙනුවෙන් , පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව පක්ෂය එකතු කරන්න තීන්දු කරනවා.
ජනවාරී 08 වැනිදා යහපාලනය ඇති කරන්න, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා බවට පත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මමත් සමගින් අත්වැල් බැදගත්ත, රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන ,අර්ජුන රණතුංග යන අයගෙන් අද පක්ෂයේ නැවතුනේ මම පමණයි. යහපාලනය වෙනුවෙන් කැපකිරීම් කරපු රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන ,අර්ජුන රණතුංග යන මහත්වරු තවදුරටත් යහපාලන වෙනුවෙන් සටන් කරන්න පක්ෂයෙන් එළියේ සිට අලුත් පෙරමුණකින් සටනට එනවා.
මගේ පියාගේ ආදාහනය දවසේ මම කරපු කථාවේ යම් කොටසක් සම්බන්ධ කරගෙන තාත්තා අභාවප්‍රාප්ත වෙලා හත් දවසේ දානේ දෙන්න කලින් තාත්තා ආසන සංවිධාය ධූරය දැරූ කළාවැව ආසනයේ සංවිධායක ලෙස දිසානායක පවුලේ ප්‍රතිවාදියකු පත් කරනවා, නමුත් ආසන සංවිධායකයතු අභාවප්‍රාප්ත වුණාම ඔහුගේ පවුලේ ඥාතියකුට ආසන සංවිධායකකම ලබා දීම තමයි සාමාන්‍ය සම්ප්රදාය වුණේ"