ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට තම පියා ගත් තිරණය කිසිසේත් අනුමත නොකරන බවත් තමා විපක්ෂයට එක් නොවන බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) චින්තන ඒකනායක මහතා (01)දා මාතලේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඔහුගේ පියා වන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට විපක්ෂය සමග එකතුවීම පිළිබඳව කරුණු දැක්වීමට මෙය සංවිධානය කර තිබුණි.
" පියා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළකිරීමට තිරණය කර තිබෙනවා. නමුත් දේශපාලන වශයෙන් මේ අවස්ථාවේදී පියා ගත් තිරණය කාලෝචිත නැහැ. මහින්ද රාපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමට අප සියලු දෙනා පෙළගැසී සිටින අවස්ථාවක මේ තීරණය අරන් තියෙන්නේ. රටේ දශක ගණනාවක් තිස්සේ තිබුණු ත්‍රස්තවාදය නිමා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට උපරිමයෙන් මා කැපවී කටයුතු කරනවා" යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
රත්තොට රුවන් ධනංජය