පිට ප්‍රදේශවලින් පැමිණි පිරිස් වාහනවලින් ඌව මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශවල සැරිසරන බව කැෆේ සංවිධානය පවසයි.
එමෙන්ම, අද උදෑසන ඌව පළාත් සභා ඡන්දය ආරම්භ වූ මොහොතේ සිට පෙරවරු 11.00 වනවිට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හා බියවැද්දවීම් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇති බවද කැෆේ සංවිධානය කියයි.
එහිදී, කැෆේ වෙත වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ බණ්ඩාරවෙල හා වැලිමඩ යන ප්‍රදේශවලිනි.