අනුරාධපුරයේ පැවැත්වෙන පිච්චමල් පූජාව සඳහා සහභාගීවන බැතිමතුන්ගේ පහසුව සඳහා 24 වැනිදා සිට විශේෂ දුම්රිය සේවාවක් ක්රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව 24 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ කොටුවේ සිට වවුනියාව දක්වාත්, කොටුව දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම දක්වාත් ධාවනය වන ශීඝ්රගාමී දුම්රිය දෙකට අමතර මැදිරි එක්කර තිබෙන බව දුම්රිය වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා සඳහන් කළේය.
මීට අමතරව වවුනියාව හා මාතර අතර ධාවනය වන රජරට රැජින ශීඝ්රගාමී දුම්රියටද අමතර මැදිරි එක්කර තිබේ. 25 වැනිදා උදෑසන 6.30 ට සහ 7.50 ට කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වාත්, 26 වැනිදා අලුයම 1.40 ට හා උදෑසන 9.30 ට අනුරාධපුර සිට කොටුව දුම්රිය ස්ථානය දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ක්රියාත්මක කරන බවද සිසිර කුමාර මහතා සඳහන් කළේය.