ජනාධිපති මන්දිරයේ තිබු භාණ්ඩ තොගයක් පැලියගොඩ ප්‍රදේශයේ කන්ටේනර් 02ක් තුළ සඟවා ඇති බවට පැලියගොඩ මූලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අද (18දා) සවස් කාලයේ කරනු ලැබූ පරීක්ෂණයකින් අනතුරුව කන්ටේනර් රථ දෙකක් සොයාගත් බව පොලිස් මූලස්ථානය කියයි.
එම කන්ටේනර් තුළ ඇඳුම්, ලී බඩු හා විවිධ සිහිවටන ඇතුළු ද්‍රව්‍ය රැසක් තිබුණ බවත්, කන්ටේනර් රැගෙන ආ නිලධාරින්ගෙන් කරනු ලැබූ ප්‍රශ්ණ කිරිම්වලදි පවසා ඇත්තේ ජනාධිපති මන්දිරයේ තිබු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ එම පවුලේ සාමාජිකයන්ට අයත් පුද්ගලික දේපල එහි තිබෙන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.