පෑලියගොඩ නගර සභා මන්ත්රී ශ්යාමිල සඳරුවන් යන අය වෙඩි තබා ඝාතනය කරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් කරන ලද වැටලීමකදී සිද්ධියට සම්බන්ධ බව කියන ප්රධාන සැකකරු ආඩිඅම්බලම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කඩවත පදිංචි අවුරුදු 27ක පුද්ගලයෙක් වන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඝාතනයට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.