වව්නියාව නගර මධ්‍යයේදී අවුරුදු දෙකයි මාස තුනක් වයසැති කුඩා දැරියක් පැහැරගත් කාන්තාවක් පැය දෙකක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
වව්නියාව නගර මධ්‍යයේ පිහිටි රත්‍රං උගස් තබන ස්ථානයකට ඊයේ (13දා)සවස කේදීස්වරන් දර්ශනී නැමති කාන්තාව සිය දියණිය සමග පැමිණ ඇත්තේ උගසට තැබූ සිය රත්‍රං මාල කිහිපයක් මුදල් ගෙවා ලබාගැනීමටය. මෙහිදී අවුරුදු 02 යි මාස තුනක් වයසැති කේදීස්වරන් ජිව්හානා නැමැති දියණිය පැහැරගෙන තිබේ.
දැරිය පැහැරගත් කාන්තාව විසින් දැරිය ලබාදීමට නම් රුපියල් ලක්ෂ පහක මුදලක් හෝ රත්තරන් පවුම් 4ක් සමග රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවශ්‍ය බවට දුරකථන ඇමතුමක් දැරියගේ මවට ලබා දී ඇත.
අනතුරුව වව්නියාව සෙට්ටිකුලම් මාර්ගයේ අරසඩිකුලම් ප්‍රදේශයේදී හඬමින් සිටින දැරියක් වඩාගෙන කාන්තාවක් ඉතා ඉක්මණින් ගමන් කරනු දුටු පොලීසියට සැක සිතී අදාල කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඇය දැරිය පැහැරගත් කාන්තාව බවට අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.