හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව හෙට (13දා) දිනයේදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ‘අද’ ට සඳහන් කළේ හෙජින් ගනුදෙනුවට සම්බන්ධ වූවන්ට එරෙහිවද අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කරන බවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බලය ගිලිහීමත් සමග සුවිශේෂී ගණයේ පැමිණිලි ලිපිගොනු රැසක් තම පක්ෂය වෙත ලැබී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.