UPDATE බුත්තල පැල්වත්ත සීනි සමාගමේ අනියම් සේවකයන් පිරිසක් අද (07) පෙරවරුවේ එම සමාගම් පරිපාලන ගොඩනැගිල්ල මත නැගී ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විට අවසන් කළ බව බුත්තල පොලීසිය පවසයි.
බුත්තල උණවටුන විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහසෙන්පුර නන්දාරාම හිමියන් මෙම උපවාසකරුවන් වෙනුවෙන් පැල්වත්ත සීනි සමාගම් පාලනාධිකාරිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව, ලබන 16 වැනිදා උපවාසකරුවන් සමග මේ පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට පාලනාධිකාරිය එකඟතාව පළකිරීම නිසා මෙසේ උපවාසය අත්හැර තිබේ.
පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ රියදුරෝ 34 ක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා කර්මාන්ත ශාලාවේ වහලයක් උඩ උපවාසයක නියැළී සිටියෝය.වසර 10- 15 ත් තරම් කාලයක් සේවයේ නිරතව සිටියද,සිය සේවය මේතාක් ස්ථිර කර නොමැති බවත්, සේවය ස්ථීර කරනතුරු උපවාසය අත්නොහරින බවත් ඔවුහු මීට ඉහතදී සඳහන් කළහ.
කුමුදු ලාලනී දිසානයක