බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයට අදාළව මේ දක්වා කැෆේ සංවිධානයට පැමිණිලි 916 ක් ලැබී තිබෙන බව එහි මාධ්‍ය අංශය සඳහන් කරයි.
මැතිවරණයේ වැඩිම පැමිණිලි සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් (551) වාර්තා වන බවත්, දකුණු පළාතෙන් පැමිණිලි 344 ක් වාර්තා වී තිබෙන බවත් කැෆේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එසේම මැතිවරණයට ආසන්න වනවිට පැමිණිලි ලැබීම වර්ධනය වී තිබෙන බවත් එම සංවිධානය තවදුරටත් පවසයි.