එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය කටයුතු ආරම්භ කොට තිබේ.
ඊයේ (18දා) රැස්ව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත්තේ මන්ත්‍රීවරුන් ලෙස පසුගිය කාලයේ කටයුතු කළ එමෙන්ම විනය නීති කඩ නොකළ පළාත් පාලන නියෝජතියින් සියළු දෙනාටම නාම යෝජනා දීමටය.
පළාත් පාලන මැතවරණයට ඉදිරිපත්විමට සූදානම් සියලු අපෙක්ෂකයින්ට ඒ සඳහා මෙම 31 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ අයදුම් කිරීමට හැකි බව එහි ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.