පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී ඒ වෙනුවෙන් මුදලක් ඉල්ලා සිටියහොත් ලබාදෙන මුදලට රිසිට්පතක් ලබාගන්නා ලෙස අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ලබාදෙන මුදලට රිසිට් පතක් ලබාදීමට කටයුතු නොකළහොත් ඒ පිළිබඳව ළඟම පිහිටි අධ්‍යාපන කලාප කාර්යාලයට හෝ පළාත් අධ්‍යාපන කාර්යාලවලට දැනුම් දෙන ලෙසද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී. රාධාකිෂණන් මහතා සඳහන් කළේය.
නීති විරෝධී ආකාරයට මුදල් අයකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, මේ නිසා විදුහල්පතිවරුන් සෑමවිටම නිකුත් කර තිබෙන චක්රලේඛයවලට අනුව වැඩකටයුතු කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය.