ජනතාව බෝ නොවන රෝගවලින් වළක්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන සතිය පාසල් මට්ටමින් ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව පාසල් ශරීර සුවතා ප්‍රවර්ධන වැඩසටහනක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර සියලුම පාසල්වල ශරීර සුවතා වැඩසටහන් දිනපතා පැවැත්විම සඳහා උපදෙස් පත්‍රිකාවක් පාසල් වෙත යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව මෙමස 28 වෙනි දින උදෑසන 7.30 ට දිවයිනේ සෑම පාසලකම ශරීර සුවතා වැඩසටහන් පැවැත්වෙන අතර, මීට සමගාමීව පාසල් මට්ටමින් ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන සතිය සැමරීමේ ජාතික උත්සවය එදින උදෑසන 7.30 ට බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ ලුම්බිනි විද්‍යාලය, රාමනාදන් හින්දු විද්‍යාලය හා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සිසු සිසුවියන් 2,000 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි