ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම තවදුරටත් සවිබල ගන්වමින් පාසල් සිසුන් සඳහා කේතකරණය (Coding) පිළිබඳ දැනුම ලබාදීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් 14ක ක්‍රියාත්මක කෙරෙන අතර, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ.
මෙම නියමු ව්‍යාපෘතියේදී තෝරා ගන්නාලද පාසල්වල සිසුන් 200කට පමණ සති 06ක පමණ කාලයක් මෙම දැනුම ලබාදෙන අතර, ඒ සදහා රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්, මෘදුකාංග ක්ෂේත්රය පිළිබඳ දැනුමැති ප්රවීණයන්ගේ සහාය ලබා ගැනෙන බවද නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.