බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය හේතුවෙන් එළඹෙන 28 වැනි දින එම පළාත් දෙකේම පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එසේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් සඳහා අමතර නිවාඩු ලබාදීමටත්අමාත්යාංශය කටයුතු කොට තිබේ.
01. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා කොළඹ 07 රාජකීය විද්‍යාලය, කොළඹ 05 ඉසිපතන විද්‍යාලය හා කොළඹ 07 ඩී.එස්. සේනානායක විද්‍යාලය 2014.03.26 වැනි දින පාසල් කාලයෙන් පසුව හා 2014.03.27 හා 28 දෙදින වසා තැබේ.
02. ගම්පහ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස යොදාගන්නා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය 2014.03.24 දින සිට 2014.04.02 දක්වා වසා තැබේ.
03. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා සියනෑ අධ්‍යාපන පීඨය 2014.03.24 දින සිට 2014.04.02 වැනි දින දක්වා වසා තබනු ඇත.
04. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදාගන්නා සුචි ජාතික පාසල 2014.03.26,27,28 තෙදින වසා තැබෙනු ඇත.
05. බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේ කටයුතුවලට සහභාගී වීමට නියමිත වෙනත් දිස්ත්‍රික්කයන්හි කාර්ය මණ්ඩලය වෙනුවෙන් තාවකාලික නවාතැන් පහසුකම් සඳහා හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය 2014.03.27 දින සිට 2014.03.30 වැනි දින දක්වා වසා තැබේ.
06. ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදාගන්නා ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහල 2014.03.24 වැනි දින සිට 2014.03.30 වන දින දක්වා වසා තැබෙනු ඇත.
මෙසේ පාසල් වසා තැබෙන දින වෙනුවෙන් හිලව් සැසි වාර පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදෙන ලෙස අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් දැනුවත් කර තිබේ.