ජනවාරි 05 වැනිදා පාසල් ආරම්භ වුවත් දින 02 ක් පැවැත්වීමෙන් පසු දින 05 ක් යළිත් පාසල් වසා තබන නිසා නව වසරේ පාසල් වාරය ජනවාරි 12 වැනිදා ආරම්භ කරන ලෙස ගුරු සංගම් සහ අධ්‍යාපන අනධ්‍යයන කාර්යමණ්ඩල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.
නව වසරේ පළමු පාසල් වාරය ජනවාරි 05 වැනිදා ආරම්භ වුවත්, සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු කරන පාසල් එදිනට විවෘත නොමැති බව ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි.
එමෙන්ම ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිසා 07 වැනිදා පාසල් පැවැත්වීමට බාධා එල්ලවන බවත්, 8 වැනිදා පාසල් වසා තැබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.
ඉන් පසුව සෙනසුරාදා සහ ඉරිදා දිනත් නිවාඩු දිනයක් නිසා ජනවාරි 12 වැනිදා පාසල් ආරම්භ කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටි.
ජනවාරි 05 වැනිදා පාසල් ආරම්භ වුවත් ඉන් පසුව නිවාඩු දින ගණනාවක් තිබෙන නිසා දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණි පාසල් අධ්‍යාපනය කටයුතුවල නිරතවන අනධ්‍යයන කාර්යමණ්ඩල සහ ගුරුවරුන් දැඩි අපහසුතාවන්ට පත්වන නිසා ජනවාරි 12 වැනිදා පාසල් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සංගමයද ඉල්ලා සිටියි.