පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩු කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීම හා අ.පො.ස උසස් පෙළ විභාගය 12 වසරේදී පැවැත්වීමට මෙහිදී යෝජනා වී ඇත.
මීට අමතරව සියලු දරුවන් පාසල් යාමට පෙර රජයේ පාලනය යටතේ ස්ථාපිතකරන පෙරපාසලකට ඇතුළත් කර එකම විෂය නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමටත් කොමිසම යෝජනා කර ඇත.
මේ අනුව එම යෝජනාවලිය මේ වන විටත් අදාළ බලධාරීන්වෙත යොමුකර ඇතැයි වාර්තාවේ.