පාසල් නිවාඩු සමයේ මහනුවර සිට යාපනයට ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීම ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා පැවසීය.
සෑම සෙනසුරාදා දිනකම අලුයම 3.55 ට මහනුවරින්ද, ඉරිදා දහවල් 12.00 ට යාපනයෙන්ද මෙම දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතය.
මගී අවශ්‍යතා සලකා බලා පාසල් නිවාඩු කාලයෙන් පසුව වුවද මෙම දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට සලකා බලන බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.