2015 වර්ෂය සඳහා පාසල් සිසුන් වෙනුවෙන් නොමිලේ පාසල් නිල ඇඳුම් බෙදාදීමේ උත්සවය ලබන 02දා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වේ.
හතලිස් ලක්ෂයක් පමණ වන සියලු රජයේ පාසල් සිසුන් සඳහා 2015 වර්ෂයෙන් නිල ඇදුම් බෙදාදීමට රජය රුපියල් මිලියන 2383ක් වැයකර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. එසේම පාසල් සිසුන් සඳහා රෙදි මීටර් මිලියන 11.2ක් පමණ බෙදාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.