යාපනය ඒලාලෙයි ශ්‍රී මුරුගන් විද්‍යාලයේ පිහිටි පානීය ජල ටැංකියට වස මිශ්‍ර කිරීම හේතුවෙන් විද්‍යාලයේ සිසු සිසුවියන් 27 දෙනෙකු රෝහල් ගත කිරීමේ සිද්ධියේදී අදාළ වස මිශ්‍ර කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23දා) සවස යාපනය චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 19 දා ශ්‍රී මුරුගන් විද්‍යාලයේ සිසුසිසුවියන් ක්‍රීඩා කටයුතු නිම වී පාසලේ පිහිටි ජල නලයෙන් ජලය පානය කිරීමෙන් අනතුරුව පානය කළ සිසු සිසුවියන් 27 දෙනෙකු සිහිමුර්ජා වී එම ස්ථානයේදීම වැටී ඇති අතර පසුව එම සිසු දරුවන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.