පාසල් යාම සඳහා පෙරේදා (09දා) උදෑසන නිවසින් පිටව ගිය පාසල් ළමුන් තිදෙනෙක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි රාජාංගනය පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, තඹුත්තේගම රාජාංගනය යාය 10 විදුහලේ නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුපුන් ජයමාල් (14), නිලංග ප්‍රබෝද් (14) එම විදුහලෙහිම 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගිහාන් අමල්සු මධුරංග (12) යන සිසුන් තිදෙනාය.
මෙම දරුවන් රාජාංගනය යාය 15 ,පහළ මාරගහවැව පදිංචිකරුවන් බවත්, අතුරුදන්ව ඇති නිලංග ප්‍රබෝද් හා ගිහාන් අමල්සු මධුරංග යන සිසුන් දෙදෙනා සොහොයුරෝ වන බවත් පොලීසිය පවසයි.